විදුහල්පති පණිවිඩය
වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය

ගඟසිරිපුර අභිමානවත් වූ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති වික්‍රමබාහු ජාතික පාසලේ ශිෂ්‍ය/ශිෂ්‍යාවක ලෙස ඉගෙනුමට වරම් ලැබීම ඔබ ලැබූ මහත් භාග්‍යයකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
වික්‍රමබාහු ජාතික පාසල තුළින් ඔබ ලබන අධ්‍යාපනය හා සියලු අංශයන්ගෙන් ලබන අත්දැකීම තුළින් පරිපූර්ණ ශිෂ්‍ය/ශිෂ්‍යාවක ලෙස අනාගතය ජය ගැනීමට හැකි වේවා!
විදුහල්පති,
වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය